Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th November 2022 19:30:21 Hours

යුධ හමුදා භඨපිරිස් තවත් ප්‍රජා වැඩසටහනක් සංවිධානය කරයි

ගා/ඕමන්ත මහා විද්‍යාලය වෙත පරිඝණක දෙකක්, විද්‍යාලයේ පාසල් ළමුන් 40 ක් සදහා වියළි සලාක මළු ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය බෙදාදිමක් 2022 නොවැම්බර් මස 23 වන දින එම විද්‍යාලයේදි සුදු කරන ලදි.

මේ සදහා ආරක්ෂක සේනා(බටහිර) වෙත අයත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 613 පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන්ගේ සහ 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය වු අතර, මේ සදහා අනුග්‍රහය පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙතින් ලබාදි ඇත.

ළමුන් වෙත පරිත්‍යාග කරන ලද වියළි සලාක මල්ලක වටිනාකම රු. 2000.00 වන අතර, මුළු වටිනාකම පරිඝණක දෙක ඇතුළුව රු. 380000.00 පමණ වු අතර, විළි සලාක මළුහි හාල්, පරිප්පු, සිනු හස තේ කොල ආදි ආහාර ද්‍රව්‍යයන්ගෙන් සමන්විත විය.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අඩු ආදයම්ලාභි පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම සහ ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයතුල සිවිල් ජනතාවතුල යුද්ධ හමුදාව කෙරෙහි ධානාත්මක සිතුවිලි ඇති කරලිම සදහාය.