Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:55:50 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ඒකක සහ පුහුණු මධ්‍යස්ථානය වෙත සිය ප්‍රථම සංචාරය සිදු කරන ලදී.

ආරක්ෂක සේනා (බටහිර), ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ඒ යටතේ පිහිටුවා ඇති 1, 2 සහ 5 වන යාන්ත්‍රික බලකායන් හා යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත 2023 පෙබරවාරි 08 සහ 09 යන දිනයන්හිදී සංචාරය කරන ලදී.

මෙම සංචාරයේදි ආඥාපතිතුමා කඳවුරු පරිශ්‍රයන් සහ සෙබළුන්ගේ සුබසාධනය පිළිබඳ සොයා බලන ලද අතර, භට පිරිස් සමග සුහද පිළිසදරකද නිරතවිය.තවද, මෙහිදි භටපිරිස් රාජකාරි ඉටු කිරිමේදි ඔවුන්ගේ කැපවිම ඇගයීමට ලක් කළ අතර, ඉදිරියේදිද තම උපරිම සේවය ලබා දිමට කැපවිය යුතු බව පවසා සිටින ලදි. මීට අමතරව කඳවුර පවත්වාගෙන යන ආකාරය සහ ඉදිරියේදී යටිතල පහසුකම් පුළුල් කරන ආකාරය පිළිබඳවද ආඥාපතිතුමන් එහි වගකිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනා විදායක, 552 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මණ්ඩලික නිලධාරියන් කිහිප‍ දෙනකු අඥාපතිතුමා සමගින් මෙම සංවාරය සදහා සහභාගි වුහ.