19th April 2023 09:30:03 Hours
යුධ හමුදා භට පිරිස් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංක මුලස්ථානයට අයත් 613 පාබල බලසේනා මූලස්ථාන බළප්‍රදේශයේ ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බළකායේ ක්‍රිකට් කණ්ඩායම සහ මාතර තරුණ කැල ක්‍රිකට් කණ්ඩායම සමඟ 2023 අප්‍රේල් 11 වන දින ක්‍රිකට් තරඟයක් මාතර මහින්ද විජේසේකර පිටියේදී පවත්වන ලදී.
19th April 2023 09:27:17 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බළප්‍රදේශයෙහි ස්ථාපිත 14 (සෙව්) ගැමුණු හේවා බළඇණිය වෙත අයත් යුධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් 2023 අප්‍රේල් 06 වන දින ගාල්ල උණවටුන වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
19th April 2023 09:25:07 Hours
2023 සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව පනාගොඩ විරු කැකුළු පෙරපාසලේ දුවා දරුවන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් සිගිති අවුරුදු උලෙළක් 2023 අප්‍රේල් 06 වන දින පවත්වන ලදී.
10th April 2023 14:38:24 Hours
"හරිත නියමුවෝ" යන තේමාව යටතේ පවත්වන ලද හෙට ලොව දකිනා සිසු පරපුර ආහාර සුරක්ෂිතතාවය සඳහා දායක කරගැනීම උදෙසා කෘෂිකාර්මික හා නායකත්වය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගයෙන් 2023 මාර්තු මස 01 වන දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදී .
10th April 2023 14:38:05 Hours
ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 143 වන පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේනතුවට අයත් භටපිරිස් 2023 මාර්තු මස 25 වන දින තබ්බෝව තේවනුවර ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් සදහා නිවසක් ඉදිකිරිම සදහා දායකත්වය ලබාදි ඇත.
10th April 2023 14:37:00 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 වන පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා මුලස්ථානය යටතේ ඇති 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායට අයත් භටපිරිස් 2023 අප්‍රේල් 02 දින අකුරේගොඩ අභිනවාරාම විහාරස්ථානයේ ඉල්ලිම පරිදි වහරාස්ථානයේ වර්ණ ආලේප කිරිම සදහා බෝධි මළුව පිරිසිදු කිරීම සදහා සහය විය.
10th April 2023 14:36:18 Hours
පාසල් කාර්ය මණ්ඩලයේ ඉල්ලීමට අනුව ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 වන පාබල සේනාංකයට අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් භටපිරිස් විසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියේ ක්‍රීඩා ඉසව් විනිශ්චය කිරීම සදහා 2023 මාර්තු මස 20, 21, 23 සහ 30 යන දිනවලදී සිය සහය ලබාදි ඇත.
10th April 2023 14:34:50 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 14 වන පාබල සේනාංකයට අයත් 143 පාබල බළසේනා බළප්‍රදේශයේ ස්ථාපිත අයත් 1 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මාර්තු මස 10 වන දින සිට 11 දින දක්වා දිනයන්හි කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගිරිඋල්ල අධ්‍යාපන කාලාපයේ පිහිටි ගිරිඋල්ල මැද්දේපොල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක තින්ත ආලේප කිරිම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දායකත්වය ලබාදි ඇත.
10th April 2023 14:33:55 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 වන පාබල සේනාංකය වෙත අයත් 10 වන ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මාර්තු මස 30 වන දින ඇතිවු වර්ෂාවත් සමග බත්තරමුල්ල ප්‍රදේශයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගයට කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට තම සහය ලබාදි ඇත.
10th April 2023 14:26:25 Hours
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් විසින් 2023 මාර්තු 28 දින ආරම්භ කරන ලද වැඩවර්ජනය හේතුවෙන් කොළොන්නාව ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා ආරක්ෂක සේනා (බටහිර) භඨ පිරිස් සිය දායකත්වය ලබාදෙන ලදී.