Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th May 2023 18:00:30 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ ඩෙංගු මර්ධන ව්‍යපෘතියක්

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ඩෙංගු රෝගීන් බහුලව වාර්ථා වන අත්තනගල්ල, බියගම, කැලණිය, වත්තල, රාගම, ජා-ඇල සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයන් ආවරණය වන පරිදි 2023 අප්‍රේල් මස 27 දින සිට මැයි මස 02 දින දක්වා ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහයෝගය මත ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. 141 පාබල බලසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 15 වන ඛණ්ඩයේ යුද්ධ හමුදා සාමාජිකයන් 120 දෙනෙක්, පොලිස් නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වූහ.

මෙම වැඩසටහනට සමගාමීව වතුපිටිවල, නිට්ටඹුව (බටහිර), නිට්ටඹුව (උතුර), රන්පොකුණගම, ඌරාපොළ සහ තිහාරිය යන ප්‍රදේශයන්හී ද ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. දින 6 ක් පුරාවට පැවති මෙම ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ නිවාස, පොදු ස්ථාන සහ සේවා ස්ථාන ඇතුළු ස්ථාන 20,183 කට අධික ප්‍රමාණයක් පරීක්‍ෂවට ලක් කර මදුරුවන් බෝවීමේ අවධානම පවතින ස්ථාන සඳහා බොහෝ දෙනෙකුට රතු නිවේදන නිකුත් කරන ලදී.

රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදා භට පිරිස් ‘සේවා ස්ථානවල සහ නිවාසවල සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාමෙන් ඩෙංගු ඵලදායී ලෙස තුරන් කළ හැකි ආකාරය’ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර අධීක්‍ෂණය සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය මත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසහටහන ක්‍රියාත්මක කෙරිණි.