Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th May 2023 18:07:51 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) භට පිරිස් වෙසක් උත්සවය සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) වාර්ෂික වෙසක් සැරසිලි, වෙසක් උත්සවයේ පළමු දිනට පෙර, 2023 මැයි 04 වන දින සවස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති විසින් විවෘත කරන ලදී.

මෙම සැරසිලි සිදු කර ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන කිහිපයකට අයත් යුද හමුදා සාමාජිකයින් විසිනි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.