Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd May 2023 11:13:39 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා භටපිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ඇති 142 පාබල බලසේනාවේ 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 2023 අප්‍රේල් 29 වන දින මීගොඩ භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ ‍ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.

ශ්‍රමදාන වැඩසටහන මගින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විහාරස්ථානය අවට සුද්ද පවිත්‍ර කිරීම සහ විහාරස්ථාන පරිශ්‍රයේ සහ අවට වැවී තිබූ වල් පැල කපාදමමින් සිය දායකත්වය ලබා දෙන ලදී.

තවද, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ අනුමැතිය ඇතිව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුවේ, 142 පාබල බලසේනාවේ බලසේනාධීපති සහ අණදෙන නිලධාරී ගේ සමීප අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන දියත් කරන ලදී.