Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th May 2023 17:54:38 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිවරයා රාජ්‍ය වෙසක් උත්සවයට පෙර එම ස්ථානයට පැමිණෙයි

රාජ්‍ය වෙසක් උත්සවය 2023 මැයි 03 සිට 09 දක්වා කබල්ලාව - හලාවත 'ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙන' හිදී පැවැත්විමට නියමිතව ඇත.

ඒ අනුව, රාජ්‍ය වෙසක් උත්සවයට පෙර ලුතිතන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ අර්ඩබ්ලිව්පි අර්එස්පි එන්ඩියු යුධ හමුදාපති තුමාන්ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන් විසින් මූලික සංචාරයක නිරත වෙමින් වෙසක් උත්සවය සඳහා යුද හමුදාවේ කටයුතු සහ දායකත්වය සොයා බැලීය. ප්‍රථම සංචාරයේදී ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති විසින් අදාළ රාජකාරි කටයුතු සහ එම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමා විසින් ලබා දෙන ලද පැවරුම් කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් වගකිවයුතු නිලධාරීන් වෙත ලබා දෙන ලදී.

මේ අතර ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති විසින් ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙනේ ප්‍රධාන සංඝරත්නය හමුවී අදහස් හුවමාරු කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය සාමකාමීව පවත්වන ආකාරය පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම සංචාරයේදී ආරක්‍ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ 143 පාබල බලසේනාවේ බලසේනාධිපති, සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයා සමඟ එක්ව සිටියහ.