18th May 2023 11:58:35 Hours
දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මහජනතාව පීඩාවට පත්ව සිටි අතර, මෙම තත්ත්වය සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය මත යුධ හමුදා භටපිරිස් යොදවා ආපදා තත්වයෙන් විපතට පත් වූවන් සඳහා ආපදා සහන මෙහෙයුම් සිදුකිරීම ක්‍රියාත්මක කරන ලදී.
18th May 2023 11:52:22 Hours
රත්නගිරිය වික්ටරි ක්‍රීඩා සමාජය විසින් 11 වැනි වරටත් සංවිධානය කරන ලද මංගල නිශාන්ත අනුස්මරණ එල්ලේ තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් 2023 මැයි 14 වැනි දින මාදම්පේ දුම්මලසූරිය වික්ටරි ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
16th May 2023 17:04:10 Hours
දීප ව්‍යාප්ත ඩෙංගු මර්දනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය තවදුරටත් වේගවත් කරමින් මහරගම පොලිස් ස්ථානය, මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, ගොඩිගමුව ග්‍රාම නිලධාරි වසමේ සිවිල් ප්‍රජාව හා අනෙකුත් සිවිල් සංවිධාන සමග එක්ව 2023 මැයි මස 13 වන දින ඩෙංගු මර්ධන වැඩසටහනක් ගොඩිගමුව ග්‍රාමයේදී සිදුකිරීමට කටයුතු සිදුකර ඇති අතර, ඒ සදහා 142 පාබල බළසේනාවේ එක් නිලධාරියෙකු හා සෙසු නිලයින් පනස් දෙනෙකු සහභාගී වී ඇත. එදිනම කොළඹ රාජකීය විද්‍යාලය විසින් පවත්වනු ලබන ඩෙංගු මර්ධන වැඩසටහන්හි එක් පියවරක් වශයෙන් එම පාසල් පරිශ්‍රය තුලද ශ්‍රමදානයක් පැවැත්වීම සදහා 142 වන පාබල බළසේනාවේ සෙබළුන් විසිපස් දෙනෙකුගේ ශ්‍රම දායකත්වය ලබාදී ඇත.
16th May 2023 10:31:22 Hours
පවතින අධික වර්ෂාව හේතුවෙන් පනන්වල නගරය අසල පූගොඩ - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ වැටී තිබූ විශාල ‘නුග’ ගසක් ඉවත් කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 14 පාබල සේනාංකයේ 141 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී කටයුතු කළහ.
12th May 2023 09:59:23 Hours
2023 මැයි 10 වන දින, යුද්ධ හමුදා ශාරිරික ආභ්‍යාස ගෘහස්ථ ක්රිඩාගාරයෙදි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ධනාත්මක චින්තනය, නිදහස් මනසින් වැඩ කිරීම සහ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම" සහ "නීතියේ මනෝවිද්‍යාත්මක පැතිකඩ" යන තේමාව යටතේ පවත්වන ලද වැඩමුළුවන් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය සහ ආරක්ෂක සේනා (බටහිර) යුද හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වය මත මෙම වැඩමුළුව භට පිරිස් වල දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අතර, එය සැසි දෙකකට බෙදා ඇත.
12th May 2023 09:52:24 Hours
වෙසක් උත්සවය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන බෞද්ධ දින දර්ශනයේ සුවිශේෂී සිදුවීමකි. මෙම කාලය තුළ බැතිමතුන් බොහෝ විට බොහෝ දුර ගමන් කර විහාරස්ථාන වෙත ගොස් වන්දනාමාන කරයි. මෙවර වෙසක් උත්සවය සමයේ ගාල්ල ප්‍රදේශයට වන්දනාවේ යන බැතිමතුන්ට වෙසක් උත්සවය උසස් අන්දමින් සැමරීම සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංක මූලස්ථානය සහ එහි බලසේනා/බලඇණි සමඟ එක්ව 2023 මැයි 05 වන දින බූස්සේ පිහිටි 61 පාබල සේනාංක මූලස්ථානය අසල 'බත් දන්සලක්' සහ වෙසක් කලාපයක් සංවිධානය කර ඇත.
12th May 2023 09:50:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ ඇති 143 පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් වෙසක් උත්සවය සමයේ පුත්තලම ප්‍රදේශයේ සහ ඒ අවට වන්දනාවේ යන 3500 කට අධික බැතිමතුන් වෙනුවෙන් 2023 මැයි මස 05 වන දින, පුත්තලම, සෙල්ලකන්දවත්ත, 143 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ‘බත් දන්සලක්’ පවත්වන ලදී.
12th May 2023 09:48:16 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 142 පාබල බලසේනාවට අයත් 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු වේ භට පිරිස් ව්සින් වෙසක් උත්සවයට සමගාමීව 2023 මැයි 07 වන දින පාදුක්ක වටරැක සංහිඳ ළමා නිවාසයේ ළමුන් සදහා ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇත.
11th May 2023 09:54:47 Hours
ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් කටයුත්තක් වන අතර සෑම වසරකම එහි සාර්ථකත්වය සහතික කිරීම සඳහා බටහිර හමුදාවන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව, 2023 වෙසක් උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) බල ප්‍රදේශය තුළ ආරක්ෂක සේනා (බටහිර) යුද හමුදා සාමාජිකයින් විසින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
11th May 2023 09:07:44 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් දීපාල් පුස්වැල්ල යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් මත 144 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 පාබල බළසේනා මුලස්ථාන බල ප්‍රදේශයේ රාජගිරිය ගැලවීමේ හමුදාවේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටි අයවළුන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 45 දෙනෙකු හට දිවාආහාරය ලබාදීම සහ ළමා නිවාසයේ ළමුන් හා කාර්ය මණ්ඩලය ඇතුලුව 30 දෙනෙකු වෙත දිවා ආහරය සහ ළමුන් 21 දෙනෙකු සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් 2023.05.04 දින සිදුකරන ලදී.