Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th June 2023 16:55:00 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි නියුතුව සිටි මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී යන ‌ෙජ්‍ය්ෂ්ඨ නිළධාරි සිය භාරදීම සිදුකරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරියෙහි නියුතුව සිටි ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඒම්කේඩිබී පුස්සැල්ල ආ ර් ඩබිලිව්පි ආර්ඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙන් නික්මයාමේ උත්සවය 2023 ජුනි 09 වන දින දඹුල්ල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී යුධ හමුදා සම්ප්‍රදායන්ට අනුව පැවැත්විණි. රෙජිමේන්තුවේ නික්මයන රෙජිමේන්තු අධිපති තුමන්ගේ පැමිණීමත් සමඟ දවසේ වැඩසටහන ආරම්භ වූ අතර, ඒම ජෙ ්‍ය ෂ්ඨ නිළධාරි ඇතුල්වීමේදී කදවුරු ආරක්ෂක මුරයක් පිරිනැමීය. අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට උපහාර දැක්වූ අතර යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස විසින් ගෞරව සම්මාන මුරයක් ද සිදුකරන ලදී. අනතුරුව, රෙජිමේන්තුවේ නික්මයන රෙජිමේන්තු අධිපති සිය රාජකාරි භාරදීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබූ අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සියලු නිලයන් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර ඒහිදි තම ධූර කාලය තුළ තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියළුම නිලයන් වෙත ස්තුතිය පුද කළේය. මෙම විශේෂ අවස්ථාව සිහිකරමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට සහ සමූහ ඡායාරූප කිහිපයක්ද ලබාගන්නා ලදී. එදින උත්සවයට සමගාමීව, රෙජිමේන්තුවේ නික්ම යන රෙජිමේන්තු අධිපති වරයා නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරී/සැරයන් නිවස්නයෙහි සියලු නිලයන් සමග දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වීය. තවද, නික්ම යන රෙජිමේන්තු රෙජිමේන්තු අධිපති වෙනුවෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නිලධාරී නිවස්නයෙහි පැවැත්විණි. මෙය ඉතා වැදගත් අවස්ථාවක් වූ අතර, සියළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිලධාරීන් මේජර් ජෙනරාල් ඩීඒම්කේඩිබී පුස්සැල්ල ආ ර් ඩබිලිව්පි ආ ර් එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුභ පැතුම් පිරිනැමීය. අවසානයේදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙන් පිටත්ව යන රෙජිමේන්තු අධිපති නික්මයාම සනිටුහන් කරමින් ආරාධිත අමුත්තන්ගේ සටහන් තැබීමේ පොතෙහි සමරු සටහන් කිහිපයක්ද තබන ලදී. මෙම උත්සවය සඳහා මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආ ර් ඩබිලිව්පි ආ ර් එස්පි විඑස්සී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආ ර් එස්පි යූඑස්පී පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ. .