10th July 2023 12:54:05 Hours
2023 ජූලි 05 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දාගොන්න, කඩවල, හල්ගහවෙලවත්ත, කටුවැල්ලේගම, බෝබුගම්මන සහ පලුගහවෙල යන ප්‍රදේශවලට පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නිවාස 73 කට, විහාරස්ථාන දෙකකට, ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලිවල වහල මතට සහ බොහෝ මාර්ග වලට ගස් කඩා වැටීමෙන් ආපදා මාලාවක් සිදුවී ඇත. ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සමඟ යුද හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශවලට සහන සැලසීමට සහ ඒම ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සිය ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
10th July 2023 12:46:56 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ ඇති 142 වන පාබල බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බලකායේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 20 දෙනෙකු 2023 ජුලි 03 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශය සමඟ සහයෝගයෙන් කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
10th July 2023 12:43:29 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ සහ 143 පාබල බලසේනාවේ ආඥාපතිවරයාගේ මගපෙන්වීම යටතේ 2023 ජුනි 17 වන දින කුරුණෑගල මහ රෝහලේදී පිළිකා රෝගීන් ඇතුළු නේවාසික රෝගීන්ට තැඹිලි පානය ලබා දීමේ උතුම් වැඩසටහනක් සිදු කරන ලදී.
10th July 2023 12:39:12 Hours
ආරක්ෂක සේනා(බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජූනි 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන බළකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී. ඔහුගේ නව කාර්යභාරයේ කොටසක් ලෙස 2023 ජූනි 21 දින සහ 2023 ජූලි 04 දින පනාගොඩ යුධ හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
10th July 2023 12:34:19 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පසුගිය සදුදා (ජූලි මස 03) දින හෝමාගම, මාවතගම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙන ලදී. ‘මාවතගම තරුණ කැළ’ සංවිධානය විසින් ‘K.D Construction Pvt. Ltd’ ප්‍රද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ලබාදුන් බත් දන්සැලෙහි අතුරුපස ලෙස අයිස්ක්‍රීම් දන්සලක්ද පවත්වනු ලැබීය.
10th July 2023 12:28:54 Hours
කෘෂිකර්මාන්තය සහ නායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා සංවිධානය කරනු ලබන ‘හරිත නියමු’ ව්‍යාපෘතියෙහි 10 වන වැඩසටහන වාරියපොළ වයඹ පුහුණු ආයතනයේදී පසුගිය සෙනසුරාදා (ජූලි 01) දින පැවැත්වූ අතර, ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
10th July 2023 12:24:16 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ලබාදුන් උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (සෙව්) ශ්‍රී ලංකා ලංකා පාබල හමුදාවේ නිලධාරියෙකු සහ දස දෙනෙකුගෙන් යුත් භටපිරිසක් එක්ව පසුගිය සෙනසුරාදා (ජුලි මස 01) දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා එක් වූහ.
10th July 2023 10:38:26 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි සහ 2 (සෙව්) ගැමුණු හේවා බළකායේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් ගාල්ල සම්බෝධි නිවාසයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 56 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
10th July 2023 10:32:24 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ඇති 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් මීගොඩ වටරැක ශ්‍රී පුණ්‍යාලෝක විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත්කරනු ලැබීය.
10th July 2023 10:27:17 Hours
මාර්ග අනතුරු යුද හමුදාව තුළ නිරන්තර ගැටලුවක් බවට පත්ව ඇති අතර, මේ සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 14 වන පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව විස්න් 2023 ජුනි 28 වන දින "රථවාහන අනතුරු වැළැක්වීම" යන මාතෘකාව යටතේ එක්දින වැඩමුළුවක් ඒම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.