Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 17:09:02 Hours

ආරක්ෂක සේනා (බටහිර) හමුදාව වෙතින් පාසල් ළමුන් සඳහා තවත් උතුම් ව්‍යාපෘතියක්

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 143 පාබල බළසේනාව සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවෙහි සම්බන්ධිකරණයෙන් සණස බැංකුව වයඹ පළාත, සණස බැංකුව වාරියපොල, සණස බැංකුව කුලියාපිටිය, සහ කුරුණෑගල නිවි ෆාමසි මගින් ලබාදුන් අනුග්‍රහයෙන් 2023 ජුලි 25 වැනි දින,කුරුණෑගල දිස්ත්‍රික්කයේ 143 බලසේනා බල ප්‍රදේශයේ සියඹලෑව ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 13 දෙනෙකු හට සහ ගාල්ලේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 24 දෙනෙකු හට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සිදුකර ඇත.

තවද, මෙම උදාර කර්තව්‍ය සංවිධානය කිරිම සදහා 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මගපෙන්විම මත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ භට පිරිස් විසින් අධ්‍යාපනයේ වැදගත්කම සහ අඩු වරප්‍රසාද ලත් සිසුන්ට උපකාර කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, රු. 150,000.00 ක පමණ මුදල් ප්‍රමාණයක් වැය කොට පාසල් බෑග්, පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් පාසල් උපාංග බෙදා හැරීමේ උත්සවයක් පාසල් පරිශ්‍රයන් හිදි සිදු කරන ලදි.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මගපෙන්විම මත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහ පාසල් කා ර් ය මණ්ඩලය ද මෙම උත්සවයන් සදහා සහභාගී වූහ.