10th April 2023 13:21:26 Hours
ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 61 පාබල සේනාංකය යටතේ පිහිටි 613 පාබල බලසේනාවට අයත් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් 2023 මාර්තු මස 02 වන දින ඇතිවු අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මඩවලමුල්ල ග්‍රාමනිලධාරී වසමේ නිවාස දෙකකට කඩා වැටී තිබූ නුග ගසක් ඉවත් කිරීමට සහය විය.
10th April 2023 13:20:47 Hours
දොම්පේ ලුණුගම පිහිටි සිරි පැරකුම්බා මහා විද්‍යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 14 වන පාබල සේනාංක යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දොම්පේ ලුණුගම පිහිටි සිරි පැරකුම්බා මහා විද්‍යාලිය ක්‍රීඩා උත්සවයේ ආචාර පෙළපාලිය පුහුණු කිරිම මෙන්ම 2023 පෙබරවාරි මස 24 දින සිට මාර්තු මස 02 දින දක්වා ක්‍රීඩා ඉසව් විනිශ්චය කිරීම සඳහා පාසලට විනිසුරුවන් ලබාදිමෙන් සහය විය.
10th April 2023 13:20:15 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය වෙත අයත් 141 පාබල බලසේනා බල ප්‍රදේශයට අයත් වේයන්ගොඩ කුරිකොටුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අඩු ආදායම්ලාභි පියා, මව සහ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සදහා 141 පාබල බලසේනාවේ දායකත්වයෙන් රු.15000//= ක වටිනාකමින් සමන්විත වියළි සලාක ද්‍රව්‍ය ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
10th April 2023 13:13:21 Hours
ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 141 පාබල බලසේනාවට අයත් 8 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ හමුදා භට පිරිස් 2023 පෙබරවාරි 28 වන දින උඩුපිල ප්‍රාදේශීය රෝහල පිරිසිදු කිරීමට සහය වූ අතර, එදින වෛද්‍ය සායනයට සහභාගිවු ගර්භනී මව්වරුන් සහ නේවාසික රෝගීන් 100 දෙනෙකුට දිවා ආහායරද ලබාදීමට කටයුතු කළේය.
10th April 2023 13:10:46 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම් හා ප්‍රවාහන) ලෙස 2023 මාර්තු 01 වන දින නි/65464 මේජර් ඒ අයි කේ සොයිසා යූඑස්පී යාපාරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
10th April 2023 13:08:21 Hours
2023 කපිතන් සිට මේජර් දක්වා නිළ උසස් කිරිමේ විභාගයට පෙර, 2023 පෙබරවාරි 27 වන දින පුනරික්ෂණ පාඨමාලාවක් යුද්ධ හමුදා ජනපදය පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරම්භ කරන ලදී.
10th April 2023 13:07:32 Hours
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව “අත හිත” පදනමේ නිර්මාතෘ ප්‍රභාත් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 612 පාබල බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් මතුගම, කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින පාසල් 10 ක අධ්‍යාපනය ලබන අඩු අදාලයම් ලාභි පවුල් හි පාසල් සිසුන් 200 ක් සඳහා පාසල් උපාංග තොගයක් බෙදාදිමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 24 වන දින මීගහතැන්න මෙරිල් කාරියවසම් ජාතික විද්‍යාලයේ දී පවත්වන ලදී.
10th April 2023 13:06:42 Hours
බොරලැස්ගමුව මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 142 වන පාබල බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රීඩා උළෙලේ ඉසව්වන් විනිශ්චය කිරීම සඳහා විද්‍යාලයට විනිසුරුවන් ලබා දෙමින් 2023 පෙබරවාරි 20 සිට 24 දක්වා කාලය තුල තම සහය ලබාදිමට කටයුතු කර ඇත.
10th April 2023 13:05:04 Hours
ආරක්ෂක සේනා (බටහිර) 144 පාබල බලසේනාවේ 2 (සෙව්) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් කැලණිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ අවට ප්‍රදේශය සහ භික්ෂූන් වහන්සේලාගේ නවාතැන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2023 පෙබරවාරි 26 වැනි දින සිදුකරන ලදී.
10th April 2023 13:03:25 Hours
2023 පෙබරවාරි 23 වන දින, ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයේ 613 පාබල බලසේනාවට අයත් 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ යුධ හමුදා සාමාජිකයින් විසින් ආකර්ෂණිය වැලිගම වෙරළ තීරය අවට වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.