Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th September 2023 18:15:00 Hours

143 පාබල බලසේනාවේ මුලිකත්වයෙන් පුත්තලම මහා රෝහලට වායු මෙට්ට පරිත්‍යාග කරයි

පුත්තලම මූලික රෝහල මුහුණ දෙන වායු මෙට්ට හිගයක් හඳුනා ගැනීමෙන් අනතුරුව 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා විසින් එම හිඟය පරිත්‍යාගශීලී පරිත්‍යාගශීලීන් හරහා සපුරාලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීස් පීඑස්සී සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මඟපෙන්වීම යටතේ 143 වන පාබල බලසේනාව බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්ගේ පුර්ණ සමිබන්ධීකරණ ශක්තියෙන් යුතුව මොහොමඩ් රිස්වි මහතා, මොහොමඩ් නවුෂාඩ් මහතා, රුවනි ෆාම් මහත්මිය, නුවන් රත්නායක මහතා සහ සංජීව සමරසිංහ මහතා මෙම වටිනා කර්තව්‍යයට දායක වූ පරිත්‍යාගශීලීන් වන අතර ඔවුගේ මුල්‍යම පරිත්‍යාගයෙන් යුතුව 2023.08.24 වන දින පුත්තල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත වායු මෙටිට 05ක ප්‍රමාණයක් බෙදාදිමේ ප්‍රජා සත්කාරක වැඩ සටහනක් සිදුකරන ලදි.