Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th September 2023 19:40:00 Hours

142 පාබල බසේමු භඨ පිරිස් විසින් අවතැන්වූ ජනතාව සඳහා පිසූ ආහාර ලබා දෙමින් සහන සලසයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත කොළඹ ප්‍රදේශයට ඇදහැලෙන ලද ධාරානිපාත ව ර් ෂාව හේතුවෙන් බොහෝ ස්ථාන ජලයෙන් යටවී විශාල පිරිසකගේ දෛනික කටයුතු සඳහා බාධා සිදුවූ අතර, එම තත්වය මත වනාතමුල්ල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව සඳහා පිසූ ආහාර ලබාදීම 6 වන ගජබා රෙජිමේන්තුව සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් එක්ව 2023.09.03 දින සිදුකරන ලදි.

මෙම වැඩසටහන 14 පාබල සේමු සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඒඩබ්ලිව්එන්එච් බංඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම මත 142 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේකේආ ර් පි ජයසිංහ ආ ර් ඩබිලිව්පි ආ ර් එස්පි යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ 142 පාබල බසේමු සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, ලුතිතන් ක ර් නල් බීඑම්ටීබී රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පිජිකේඑස් තිලකරත්න ආ ර් ඩබිලිව්පි ආ ර් එස්පි යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මූලිකත්වයෙන් සිදුකරන ලදි.