Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th September 2023 19:45:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අඩු අදායම් ලාභින් සඳහා පරිත්‍යාගයක්

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන රණවිරුවන්ගේ ජිවන තත්වය ඉහළ නැංවීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති මාර් ගෝපදේශකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ජානකී ලියනගේ මැතිණියගේ නායකත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සංවිධායකත්වයෙන් 2023 සැප්තැම්බර් මස 04 වන දින යුද්ධ හමුදා ගෘහස්ත ක්‍රීඩාගාරය - පනාගොඩ හිදි ආරක්ෂක සේනාව (බටහිර) යටතේ සේවයේ නියුතු සෙබළ, සෙබළියන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 100 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර පා ර් සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, ආසේමු (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් යු. ඩි. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආ ර් එස්පි යුඑස්පි ආ ර් සිඩිඑස් පිඑස්සි, සේනාංකාධිපති 61 පාබල සේමු මේජර් ජෙනරාල් ආර්. ඒ. ජේ. එන්. රණසිංහ ආ ර් එස්පි යුඑස්පි එන්ඩිසි සහ සේනාංකාධිපති 14 පාබල සේමු බ්‍රිගේඩියර් කේ. ඒ. ඩබ්ලිව්. එන්. එචි. බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද එම අවස්ථාවට සහභාගිවිය.

තවද, ඒ සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය ශාන්ති අබේසේකර මහත්මිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය ඹමිලා ජයවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය ශ්‍යාමලි විජේසේකර මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් මේ සඳහා සහභාගී වූහ.