29th August 2023 15:51:02 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආ ර් එ ස්පි යූඑස්පී ආ ර් සිඩිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඒඩබ්ලිවිඑන්එච් බණ්ඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විමෙන් 144 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඒම්වි කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයෙන් 2 (සෙවි) ශ්‍රිලපාහ ඒකකයේ මෙහෙයවිමෙන් කොටිකාවත්ත සිංහ සමාජයේ ගරු සභාපති තුමන් සහ ඒම සාමාජිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් අඩු ආදායමිලාභි පවුල් සදහා වියළි සලාක මළු 35 බෙදාදිමට කටයුතු සිදු කරන ලදී.
27th August 2023 12:00:07 Hours
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වායු මෙට්ට අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් 143 පාබල බලසේනාවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් පිරිසකගේ දායකත්වයෙන් එම රෝහලට වායු මෙට්ට 10 ක් පසුගිය සඳුදා දින (අගෝස්තු 21) ප්රදානය කරන ලදී.
24th August 2023 16:00:12 Hours
14 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී 2023 අගෝස්තු 21 වන දින කොළඹ ප්‍රදේශයේ පිහිටි මෙම සේනාංක මූලස්ථානයේදි සිය ධුරයේ රාජකාරි කටයුතු භාර ගත්තේය.
24th August 2023 10:56:05 Hours
2023 අගෝස්තු 22 වන දින කොස්කැලේ - ඕපාත වනාන්තර ප්‍රදේශයේ හටගත් හදිසි ගිනි ගැනීමක් මැඩපැවැත්වීමට සහ සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට 611 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් 60 ක් පමණ පොලීසිය සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කරන ලදී.
24th August 2023 10:11:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් සහ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) අනෙකුත් නිළධාරීන් විසින් 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් ජේඑම්ආර්එන්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට විශ්‍රාම යාම නිමිත්තෙන් 2023 අගෝස්තු 21 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) පරිශ්‍රයේදී උපහාර උළෙලක් පවත්වන ලදී.
22nd August 2023 18:56:06 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2023.08.18 දින ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
22nd August 2023 18:52:39 Hours
හෝමාගම කර්මාන්ත පුරයේ ජල ආරක්ෂණ තාක්ෂණ රසායන කර්මාන්ත ශාලාවක 2023 අගෝස්තු 17 වන දින විශාල ගින්නක් හටගත් අතර, ගින්න පාලනය කිරීම සදහා යුධ හමුදා භට පිරිස් ගිනි නිවන හමුදාව වෙත ඔවුගේ සහයෝගය ලබාදී ඇත.
22nd August 2023 18:48:19 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනාවේ 8 වන ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් 2023 අගෝස්තු 17 වන දින කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්තොට, කෝන්ගහමංකඩ, රජවක වන රක්ෂිතයේ ශීඝ්‍රයෙන් පැතිර යමින් පැවති ලැව්ගින්නක් මැඩපැවැත්වීම සමත්වී ඇත.
22nd August 2023 18:42:45 Hours
2023 අගෝස්තු 14 වන දින දොම්පේ, කෑරගල, දනව්කන්ද ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 141 වන පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය ලබාදී ඇත.
22nd August 2023 18:38:21 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 පාබල බලසේනා බලප්‍රදේශයෙහි අංගොඩ හිරැකිරණ සමාජ සත්කාර පදනම මගින් අභීත සෙන්පති ලුත්තන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීමතානන්ගේ 31 වන ගුණ සැමරුම හා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියෙහි රට වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල අභීත රණවිරුවන් සිහිපත්කොට 2003 වසරේ සිට 21 වන වරට කොටිකාවත්ත සෝමාදේවි බාලිකා විද්‍යාලයේදී 2023.08.13 වන දින 2 (සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහභාගිත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වා ඇත.