Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th September 2023 18:53:49 Hours

61 පාබල සේනාංකයේ භට පිරිස් විසින් දිළිදු පවුලක් සදහා නව නිවසක් ඉදිකර පරි ත්‍යා ග කිරීමේ වැඩසටහනක් සිදුකරයි.

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවේ 2 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ සහ 8 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගාල්ල වටරැක 'එවරස්ට්' ක්‍රී ඩා සමාජයේ අනුග්‍ර හය ඇතිව ඔවුන්ගේ ශ්‍ර ම දායකත්වය ලබාදී ගාල්ල වක්වැල්ල ප්‍ර දේෂයේ අඩු ආදායම්ලාභි දිළිදු පවුලක් සදහා නව නිවසක් ඉදිකර එම නිවස ප රිත්‍යාග කිරීමේ උත්සවය 2023 සැප්තැම්බර් 11 වන දින 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජේ ්‍ය ෂ්ඨ  නිලධාරිගේ ප්‍ර ධානත්වයෙන් සිදුකරන ලදී.

මෙම උත්සවයේ ප්‍ර ධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජේ ්‍ය ෂ්ඨ නිලධාරි විසින් ගාල්ල වක්වැල්ල ප්‍ර දේශයේ පදිංචි කේඑස්කේ පෙරේරා මහත්මිය සහ එම පවුලේ සාමාජිකයින් වෙත මෙම නව නිවසේ යතුර ලබා දෙන ලදී.

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 61 පාබල සේනාංකයේ සේනංකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ 613 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ සහ ඒකක අණදෙන නිලධාරින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහය ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් ඇතුළු ජේ ්‍ය ෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද, ප්‍රා දේශිය ලේකම් (බෝපේ-පෝද්දල) සහ ගාල්ල වටරැක 'එවරස්ට්' ක්‍රී ඩා සමාජයේ සාමාජිකයින් පිරිසක්ද සහභාගී විය.