Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th October 2023 11:14:41 Hours

මයිලන්කුලම කණිෂ්ඨ විද්‍යාලයේ දු දරුවන් ලෝක ළමා දිනය සමරයි

ආරක්ෂතක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මග පෙන්වීම මත ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ තේවනුවර මයිලන්කුලම ග්‍රාමිය පාසලේ දුවා දරුවන් වෙනුවෙන් 143 වන පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ සහ 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය සහ සහභාගිත්වයෙන් වැඩසටහන් මාලාවක් 2023 ඔක්තෝබර් මස 02 දින එම විදුහලේදී සිදුකරන ලදි.

විදුහලේ විදුහල්පති තුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගිත්වයෙන් උත්සව කටයුතු සංවිධානය කර පවත්වන ලද අතර දූ දරුවන් වෙනුවෙන් විනෝද අංගයන් පැවැත්වීම, කැලිප්සෝ සංගීත කණ්ඩායම මඟින් ළමා ගීත වාදනය/ගායනය, ආචාර්ය මණ්ඩලය විසින් ළමයින් වෙනුවෙන් ගීත ගායනය/නර්තනය ආදි අංඟයන්ගෙන් සමන්විත විය.

පුත්තලම දිස්ත්‍රික්කයේ සමාජ සත්කාර හිතෛසි වයිඑම් රිෂ්වින්, එෆ්එම් නව්ෂාඩ්, නෂ්මි අබ්දීන් යන මහත්වරුන් විසින් පරිත්‍යාග කරන ලද රු. 50000.00 පමණ වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් සිසු දරු දැරියන් 400 දෙනෙකු වෙත පරිත්‍යාග කරන ලදි. තවද, විද්‍යාලයේ පුස්තකාලය සදහා කියවීමේ පොත් 60 ක ප්‍රමාණයක් 16 වන ගජබා රෙජිමේන්තුව වෙතින් විදුහලට පරිත්‍යාග කරන ලදි. එදින දරුවන් සඳහා තේ පැන් සංග්‍රහයක් කෙටි ආහාරයක් සමග ඒකකය වෙතින් ලබාදෙන ලදි.