Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2023 09:09:11 Hours

141 පාබල බලසේනාව ලෝක ළමා දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රජා සත්කාර වැඩසටහනක්

යුද්ධ හමුදාපතිතුමාගේ මඟපෙන්වීම මත යුධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදතාවය සහ සම්බන්ධීකරණය ප්රීවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සහ 14 වන පාබල සේනාංකයේ ආඥාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ, 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් 2023 ඔක්තෝබර් 01 දින ලෝක ළමා දිනය නිමිත්තෙන් යක්කල පීටර් වීරසේකර ළමා නිවාස හා පෝෂණ මධ්‍යස්ථානයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එමෙන්ම, මෙම විශේෂ වැඩසටහන යක්කල පීටර් වීරසේකර ළමා නිවාස හා පෝෂණ මධ්‍යස්යේදී ළමුන් 33 දෙනෙකු සඳහා තේ පැන් සංග්‍රහයක් ද, විශේෂ දිවා භෝජන සංග්‍රහයක්, සංගීත විනෝදාස්වාද වැඩසටහනක්, ත්‍යාගයක් ප්‍රදානත්වයක් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස 141 පාබල බලසේනාවේ සිවිල් සමිබන්ධිකරන නිලධාරි ලුතිනන් කර්නල් එස්.ඩී. රත්නසිරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ආර්.ආර්.කේ.එස්. ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ අනෙකුත් නිලධාරීන්, ළමා නිවාසයේ පාලිකාව සහ කිනිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ද මෙම වැඩසටහන සදහා සහභාගී වන ලදි.