Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

21st September 2023 16:39:31 Hours

ලෝක ළමා දිනයට සමගාමීව 61 පාබල සේනාංකයෙන් පාසල් ළමුන් සදහා ප්ර ජා සත්කාර වැඩසටහනක්

2023.10.01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව 'අතහිත' සංවිධානයේ අනුග්රකහය මත 61 වන පාබල සේනාංකය විසින් ගාල්ල ප්රිදේශයේ පාතවැලිවිටිය සහ වැලිවිටිය යන පාසල්වල ඉගෙනුම ලබන පාසල් ළමුන් 68 දෙනෙකු සදහා පාසල් සපත්තු යුවල් 68 ක් සහ එම පාසල් ළමුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් 2023.09.16 වන දින සිදුකරන ලදී.

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි යන ජ්යෙේෂ්ඨ නිළධාරී මගපෙන්වීමට අනුව සියට් සමාගමේ ප්රසධාන මූල්ය නිලධාරි විපුල් වෙඩි මහතාගේ පුතණුවන්ගේ 10 වන උපන් දිනය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේඒඩීඑන්ආර් කන්නන්ගර ආර්එස්පී අයිජි යන ජ්යෙනෂ්ඨ නිලධාරි, 61 පාබල සේනාංකයේ සිවිල් සමිබන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ජේඊඑල් ද සොයිසා යන ජ්යෙබෂ්ඨ නිලධාරි, 'අතහිත' සංවිධානයේ ප්ර1ධාන සංවිධායක ප්රිසාත් ලොකුබාලසූරිය මහතා, සියැට් සමාගමේ ප්රාධාන මූල්යා නිලධාරී විපුල් වෙඩි මහතා සහ එම මැතිණිය ඇතුළු පිරිස, 2(සෙව්) ගැමුණු හේවා බළකායේ ජ්යෙ ෂ්ඨ නිලධාරින් සහ පාසල් කාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වූහ.