Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 17:02:34 Hours

144 බලසේනා භට පිරිස් තවත් ඩෙංගු මර්දන ව්‍යාපාරයකට දායක වෙති

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ඩෙංගු ම ර් ධන ඒකකයේ ඉල්ලීම පරිදි, යුධ හමුදා මූලස්ථානයේ අනුමැතිය ඇතිව, ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 වන පාබල බලසේනාවට අයත් 2 (සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදාව භට පිරිස් විසින් 2023 අගෝස්තු 03 වන දින තවත් ඩෙංගු ම ර් ධන ව්‍යාපාරයකට සහභාගී වීමෙන් මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම නිරූපණය කරන ලදී.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අවධානය යොමු වූයේ ඩෙංගු උණ රෝගය නිරන්තර ගැටලුවක්ව පවතින කොළඹ ගොතටුව ප්‍රදේශය අවරණය වන පරිදි යුධ හමුදා භට පිරිස් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකාය සමඟ එක්ව නේවාසික ප්‍රදේශ සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන් අතර ඩෙංගු වැළැක්වීම සහ ම ර් ධන ක්‍රියා මා ර් ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා කටයුතු කළහ.

ඒ අතරම, මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති ගේ උපදෙස් මත 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ 2 (සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදාව අණදෙන නිලධාරී විසින් පූ ර් ණ වශයෙන් අධීක්ෂණය කරන ලදී.

තවද, මහජනතාවගේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට යුද හමුදාව දක්වන කැපවීම සහ රටේ සමස්ත සංවර්ධනයට දායක වීමට ඔවුන් දක්වන කැමැත්ත මෙවැනි ප්‍රජා ව්‍යාපෘති සඳහා යුද හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වය රෝග පැතිරීම වැළැක්වීමට පමණක් නොව හමුදාව සහ සිවිල් ජනතාව අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමට ද උපකාරී වේ.