Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

28th July 2023 15:01:04 Hours

තවත් උදාර ප්‍රජා ව්‍යාපෘතියක් සදහා යුද්ධ හමුදා භට පිරිස් සහය

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 141 වන පාබල බළසේනාවට අයත් 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු විසින් 2023 ජූලි 23 වන දින අක්කර 06 ක පමණ භූමි ප්‍රදේශයක දුර්ලභ හා ඖෂධීය පැළෑටි සහිත ඔසු උයනක් සකස් කිරීම සඳහා තම ශ්‍රම දායකත්වය ලබාදී ඇත.

මේ සදහා වේයන්ගොඩ වටද්දර ගනේකන්ද ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම පරිදි ඉඩම පිහිටි භූමිය එළිපෙහෙළි කිරීම, පස සකස් කිරීම, දුර්ලභ හා ඖෂධීය පැළෑටි සිටුවීම සහ උද්‍යානය අලංකරණය කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් සිය සහය ලබාදී ඇත.

තවද, මෙම ප්‍රජා ව්‍යාපෘතිය ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපතිගේ උපදෙස් අනුව 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම යටතේ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහය ලබාදෙන ලදී.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය සදහා යුද්ධ හමුදා භට පිරිස් දැක්වූ සහයෝගය වෙනුවෙන් විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීහු සිය කෘතඥතාව පළ කළහ.