Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd August 2023 15:55:32 Hours

පාසල් ළමුන් සඳහා සරඹ පෙළපාළිය පුහුණු කිරීමට බටහිර භට පිරිස් සහාය

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ක්‍රීඩා උත්සවය සදහා එම විද්‍යාලය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 වන පාබල සේනාංකයට අයත් 142 වන පාබල බළසේනාසේනාවේ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 7 වන ගැමුණු හේවා බලකාය, 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7 (v) ගජබා රෙජිමේන්තු භට පිරිස් 2023 ජූලි 17 සිට 27 දක්වා එම විද්‍යාලයේ සිසුන් හට සරඹ පෙළපාලිය පුහුණු කිරීම සදහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලදී.

කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට පෙර සූදානමක් ලෙස මෙම පුහුණුවීම් පවත්වනු ලැබූ අතර, එහිදී සරඹ පෙළපාලියක් සම්ප්‍රදායිකව පැවැත්වේ. පාගමන සහ පෙළපාලි සැකසීම් පිළිබඳව ඔවුන්ගේ දැනුම සහ අද්දැකීම් ලබා දෙමින් යුද්ධ හමුදා සාමාජිකයින් සිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළහ.

මෙහිදී පාසල් කාර්ය මණ්ඩලය සහ යුධ හමුදා සාමාජිකයින් විසින් සිසුන්ට විනය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සමගින් නිවැරදිව සරඹ සිදුකරන්නේ කෙසේද යන්න පිළිබදව දැනුම ලබාදෙන ලදී. යුධ හමුදා සාමාජිකයින්ගේ මගපෙන්වීම යටතේ සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමටත් අභිමානය හා විශ්වාසය වර්ධනය කර ගැනීමටත් හැකි විය.

තවද, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති ගේ උපදෙස් අනුව, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 142 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ මගපෙන්වීම මත අදාළ අදාල ඒකක අණදෙන නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් දායකත්වය ලබාදෙන ලදී.