Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th May 2023 12:03:34 Hours

රෝගාතුරව සිටි දරුවෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට යුධ හමුදා භටපිරිස් සමත් වෙයි

මාතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව වැල්ලේතොට ප්‍රදේශයේ රෝගාතුරව සිටි අවුරුදු 3 ක කුඩා දරුවකු බේරාගැනීමට 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියා කර ඇත.

මේ සදහා 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 12 දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමක් බෝට්ටුවක් යොදා ගනිමින් වහාම ඔවුන්ගේ නිවසට ගොස් ඒම කුඩා දරුවා මාතර මහ රෝහල වෙත රැගෙන යන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් අනුව 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරී තුමන්ගේ මගපෙන්වීම මත භට පිරිස් සහභාගී කරවන ලදී.