Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th May 2023 11:58:35 Hours

බටහිර භටපිරිස් මාතර දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම් දියත් කරයි

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මහජනතාව පීඩාවට පත්ව සිටි අතර, මෙම තත්ත්වය සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය මත යුධ හමුදා භටපිරිස් යොදවා ආපදා තත්වයෙන් විපතට පත් වූවන් සඳහා ආපදා සහන මෙහෙයුම් සිදුකිරීම ක්‍රියාත්මක කරන ලදී.

මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෝරුපිටිය ග්‍රාමනිලධාරී වසමේ ගංවතුරින් විපතට පත් වූ ජනතාව සදහා 2023 මැයි 14 වන දින අතර, 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් පිසූ ආහාර ලබා දීමෙන් සහන කටයුතු ආරම්භ කරන ලද අතර 2023 මැයි 15 දින කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඹුරුපිටිය මුලටියන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් තම නිවෙස්වලට යාමට නොහැකි වූ කඹුරුපිටිය මූලික රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට සහ දෛනික කටයුතු කරගෙන යාමට නොහැකි වූ රෝගීන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම පරිදි නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු ට්‍රක් රථයක් සහ ට්‍රැක්ටරයක් ද යොදවා ඔවුන් සදහා ප්‍රවාහන පහසුකම් සලසන ලදී.

මේ සමගම අඩපන කළුගෙදර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙන අතර, කඹුරුපිටිය මුලටියන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් මෘත දේහය ප්‍රවාහනය කිරීමට සහ අවමංගල්‍ය උත්සවයට පැමිණි පිරිසට ගමන් ගැනීමට නොහැකි වී සිටි අතර, මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් 12 දෙනෙකු සමඟ ට්‍රක් රථයක් සහ ට්‍රැක්ටරයක් යොදවා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.