Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd June 2023 15:41:59 Hours

බටහිර භට පිරිස් ගොඩකුඹුර වනාන්තර ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් නිවා දැමීමට සහය ලබාදෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනාවේ 8 වන ගැමුණු හේවා බළඇණියේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් දස දෙනෙකු විසින් 2023 ජූනි 17 වන දින ගොඩකුඹුර වනාන්තර ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් නිවා දැමීමට සහය විය.

මෙහිදී යුද්ධ හමුදා භට පිරිස් ඉතා කඩිනමින් ක්‍රියාත්මක වීම තුළින් එම ගින්න තවදුරටත් පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි විය.

තවද මෙම කාර්ය සදහා 611 බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ උපදෙස් අනුව සහ 8 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහභාගී කරවන ලදී.