Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th June 2023 16:20:00 Hours

144 පාබල බලසේනාවේ භට පිරිස් ඩෙංගු මර්දන ව්‍යාපාරයකට සහය වෙති

144 පාබල බලසේනාවට අයත් 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් පිරිසක් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කා ර් යාලයේ නිලධාරීන් සහ මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සහයෝගයෙන් 2023 ජුනි 24 දින ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කා ර් යාලය යටතේ ඇති 504 කැලණිමුල්ල ග්‍රාම නිලධාරී වසම ආවරණය වන පරිදි ඩෙංගු ම ර් ධන වැඩසටහනක් පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය හරහා නිවාස 90 කට අධික සංඛ්‍යාවක් සහභාගිවන්නන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද අතර අවට ප්‍රදේශයේ ඩෙංගු වසංගතය වැළැක්විය හැකි ආකාරය පිළිබඳව නිවැසියන්ට අවශ්‍ය මා ර් ගෝපදේශ ලබා දෙන ලදී. පල්වන ජලය ඉවත් කිරීම, ජල ගබඩා බහාලුම් ආවරණය කිරීම, අවට පිරිසිදුව තබා ගැනීම යනාදී මා ර් ගෝපදේශ ඊට ඇතුළත් විය.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති කුමන්ගේ උපදෙස් පරිදි 144 වන බලසේනාවේ බලසේනාධිපති සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ පූ ර් ණ අධීක්ෂණය යටතේ යුධ හමුදා භට පිරිස් මෙම වැඩසටහන සදහා සහය ලබාදෙන ලදී.

තවද, මෙම ඩෙංගු ම ර් ධන ව්‍යාපාරය සඳහා යුද හමුදාව ලබාදුන් සහය සෙසු සහභාගිවන්නන්ගේ මෙන්ම ප්‍රදේශයේ ප්‍රජාවගේද මහත් ඇගයීමට ලක්විය.