Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd June 2023 17:00:00 Hours

61 පාබල සේනාංකය එහි 15 වැනි සංවත්සරය සනිටුහන් කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංක මූලස්ථානයේ 15 වන සංවත්සරය 2023 මැයි 29 සහ 30 යන දෙදින තුළ බූස්ස මූලස්ථාන පරිශ්‍රයේදී සමරන ලදී. දෙදිනක් පුරා පැවති මෙම උත්සවය වැඩසටහන් කිහිපයකින් සමන්විත විය.

එමෙන්ම පළමු දිනයේ කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබුණි. ඒමෙන්ම හික්කඩුව සර්වෝදය සුවසෙත වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 12 දෙනකු සදහා විශේෂ දිවා ආහාර සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.

මැයි 30 වැනි දින උත්සවයේ දෙවන දිනය ආරම්භ කරමින් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එම්යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හට කදවුරු සම්මාන මුරය පිරිනමන ලදි. ඉන් අනතුරුව සංවත්සර දිනය සනිටුහන් කිරීම සදහා මූලස්ථාන පරිශ්‍රයේදී පැළයක් රෝපණය කරන ලදී. තවද, සේනාංකාධිපතිතුමන් විසින් සියළුම භට පිරිස් අමතා, ඔවුන් රාජකාරිය වෙනුවෙන් කරන ලද කැපවීම වෙනුවෙන් ස්තුතිය පුද කරන ලදී.

දවසේ සංවත්සර වැඩසටහන අවසන් කරමින් එදිනම 61 වන පාබල සේනාංකයේ රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සියලුම සෙසු නිලයින් දිවා භෝජන සංග්‍රහයකටද සහභාගි විය.