Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:33:55 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් තවත් අපදා සහන කටයුත්තක් සදහා දායකත්වය ලබාදෙයි.

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 වන පාබල සේනාංකය වෙත අයත් 10 වන ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මාර්තු මස 30 වන දින ඇතිවු වර්ෂාවත් සමග බත්තරමුල්ල ප්‍රදේශයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගයට කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට තම සහය ලබාදි ඇත.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහ මත 10 වන ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිළධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව පොලිසියේ දායකත්වය ඇතිව මෙම මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.