Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 09:27:17 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනකට දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බළප්‍රදේශයෙහි ස්ථාපිත 14 (සෙව්) ගැමුණු හේවා බළඇණිය වෙත අයත් යුධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් 2023 අප්‍රේල් 06 වන දින ගාල්ල උණවටුන වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත 613 පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන්ගේ සහ 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණි.