Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:38:05 Hours

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් භඨපිරිස් අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නිවසක් ඉදිකිරීමට සහය ලබා දෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) වෙත අයත් 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 143 වන පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේනතුවට අයත් භටපිරිස් 2023 මාර්තු මස 25 වන දින තබ්බෝව තේවනුවර ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් සදහා නිවසක් ඉදිකිරිම සදහා දායකත්වය ලබාදි ඇත.

මේ සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ආරම්භක උත්සවය සදහා කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක තුමන්, 143 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්, 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමන් ඇතුලු ඒම රෙජිමේන්තු නිලධාරීන්/සෙසුනිළයින්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රතිලාභි නිවෙස් හිමියන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, මෙම නිවස ඉදිකිරිම සදහා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියෙකු වන සහන් රාජපක්ෂ මහතා මුල්‍ය දායකත්වය ලබාදි ඇත.