Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th January 2023 18:49:19 Hours

141 පාබල බලසේනාව වෙත අයත් භට පිරිස් භාවනා වැඩසටහනකට සහභාගී විය

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායක වූ සෙබළුන්ගේ අධ්‍යාත්මික අරමුණු කරගනිමින් කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය මගින් 2023 ජනවාරි 08 දින භාවනා වැඩසටහනක් සංවිධානය කරන ලදි.

එමෙන්ම, සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් මෙම භාවනා වැඩසටහන සඳහා සහභාගි වූහ.