Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th January 2023 18:43:18 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 16 වන බළඇණි භටපිරිස් තවත් හමුදා වෙනත් සමාජිය වගකිමක් ඉටුකරනු ලැබිය.

2023 ජනවාරි 8 වන දින කරුවලගස්වැව ප්‍රදේශයේ කරුවලගස්වැව - පුත්තලම ඩි එස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන පවුල් තුනකට අයත් අඩු ආදායම්ලාභි පාසල් දරුවන් අට දෙනෙකු වෙත නව පාසල් වාරය ආරම්භයට සමගාමීව රුපියල් 100,000.00 ක් වටිනා ලිපි ද්‍රව්‍ය, බෑග් සහ සපත්තු ආදිය පරිත්‍යාග කර ඇත. මේ සදහා අනුග්‍රහක දායකත්වය හැටන් නැෂනල් බැංකුවේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ලෙස කටයුතු කරන තුෂාරි රණවීර මහත්මිය සහ ජාතික සංවර්ධන බැංකුවේ විශ්‍රාමික නිලධාරිනියක් වන කොරතොට මහත්මින් විසින්ය.

මෙම සමාජ මෙහෙවර සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙේ පරිදි 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 16 වන ගජබා රෙජිමේන්තු බලඇණියේ අණදෙන නිළධාරී මේජර් එස්ඒ ඩී පී ජයරත්න යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම බළඇණියේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සම්බන්ධකරණය කර ඇත.

මෙහිදි අඩුඅදායම් ලාභි දරුවන් තෝරාගැනිම 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව සහ පාසලේ විදුහල්පතිතුමන් සිදුකර ඇත. ඊට අමතරව කරුවලගස්වැව ප්‍රදේශයේ සිටින දරුවන් කිහිපදෙනෙකු කරුවලගස්වැව ඩි එස් සේනානායක විද්‍යාලයට ඇතුලත් කිරිම සදහා ඇවැසි ඉදිරි කටයුතු අණදෙන නිලධාරි තුමාගේ පුර්ණ අධික්ෂණය යටතේ සිදුකිරිමටද කටයුතු කර ඇත.

16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී, නිලධාරීන්, සෙසු නිලයින් සහ අනුග්‍රාහකයින් මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.