Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th January 2023 16:17:50 Hours

කැලණිය රජ මහා විහාරයේ ආගමික වැඩසටහනක් සඳහා ආරක්ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා සෙබළුන්ගේ දායකත්වය ලබාදෙයි

කැලණිය රජමහා විහාරය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 144 පාබල බළසේනාවට අයත් 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 1 ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය, 2 (V) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 18 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 1 බළඇණිය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායට අනියුක්ත 200 කට අසාන්න යුද හමුදා සාමාජිකයින් විසින් 2023 ජනවාරි 21 දින සර්වරාත්‍රික ධර්මදේශනාවක් සංවිධානය කිරීම සඳහා ඔවුන්ගේ පුර්ණ සහය ලබා දුන් අතර, අනතුරුව භික්ෂූන් වහන්සේලා 1000 ක් උදෙසා 'හීල් දානය' සහ සිවිල් වැසියන් සදහා දන්සලක් පැවැත්විමටද තම දායකත්වය ලබාදෙන ලදි.

මෙම ආගමික උත්සවය සංවිධානය කර ඇත්තේ කන්ගරා හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම විසිනි. වැඩමකොට වදාල සීලසමහිත ආරණ්‍ය සේනාසන සීලිගම, බෙලිහුල්ඔය, බළන්ගොඩ, අමදොර විප්‍රවියා සදහම් පදනමේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බලංගොඩ රාධ ස්ථවිර හිමිපාණන් වහන්සේ විසින් සර්වරාත්‍රික ධර්ම දේශනාව පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර), මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම කාර්යය සාර්ථකව ඉටුකිරිම සදහා යුද්ධ හමුදා සෙබළුන් වෙත අවශ්‍ය නිසි උපදෙස් ලබාදි ඇත.