Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th January 2023 17:34:40 Hours

ආසේමු (බටහිර) භට පිරිස් විසින් දඩගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් සම්බන්ධීකරණය කරයි

මුළු වටිනාකම රුපියල් 488,000.00 ක් වටිනා පාසල් උපකරණ, අභ්‍යාස පොත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපාංග විශාල ප්‍රමාණයක් බෙදා හැරීමේ වැඩසටහනක්, වේයන්ගොඩ පිහිටි දඩගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සිසුන් 130ක් අතර 2023 ජනවාරි 24 දින බෙදාදීමට 141 වන පාබල බළසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙබළුන් කටයුතු කරන ලදි

.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී උපදෙස් පරිදි 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ගේ මගපෙන්වීම යටතේ සහ 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සමීප අධීක්ෂණය යටතේ මෙම ප්‍රජා ව්‍යාපෘතිය සංවිධානය කර ඇත.

මෙම උදාර ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකයන් සහ පරිත්‍යාගශීලීන් 141 පාබල බලසේනාව සහ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙබළුන් විසින් ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) උපදෙස් පරිදි සම්බන්ධීකරණය කර ඇත. මෙම වැඩසටහන 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මේ අතර, පාසල් ගුරුවරුන් සහ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද විනෝදාස්වාද වැඩසටහන් කිහිපයක් ද එදින උත්සවයට සහභාගී වූවන් දැක බලා ගැනිමට හැකි විය. මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සබැදිව ගුරුවරුන් සහ දරුවන් සංවිධායකයින්ට, අනුග්‍රාහකයින්ට සහ පරිත්‍යාගශීලීන්ට සිය කෘතඥතාව පළ කළහ. මෙම අවස්ථාව සඳහා 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, විදුහල්පති සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.