Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st February 2023 17:03:20 Hours

වාද්දුව ප්‍රදේශයේ ගින්නක් මැඩපැවැත්වීම සදහා යුද්ධ හමුදා සහය ලබා දෙයි

වාද්දුව වේරගම ප්‍රදේශයේ වෙල්යායක 2023 ජනවාරි මස 28 වන දින සවස ඇතිවු ගින්නක් මැඩපැවැත්විම සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකය වෙත අයත් 612 පාබල බලසේනාවට යටතේ පාලනය වන 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ භටපිරිස් තම දායකත්වය ලබාදි ඇත.

මෙම පුවත වාර්තා වීමත් සමග 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායට අයත් නිලධාරියෙකු සහ සෙසු නිලයින් අට දෙනෙකුගෙන් සමන්විත යුධ හමුදා භට පිරිසක් කඩිනමින් එම ස්ථානයට ගොස් පැතිර යන ගින්න පාලනය කිරීම සදහා කළුතර ගිනි නිවන ඒකකය - කලුතර සමඟ එක්ව කටයුතු කරන ලද අතර, මේ සදහා ප්‍රදේශවාසින් විසින්ද ඔවුන්ගේ සහය මේ සදහා ලබාදි ඇත. තවද, පැය දෙකක් ඇතුළත ගින්න පාලනය කරමින් ගින්න පැතිරිම වළක්වා ඇති බවත් එම ගින්නෙන් අක්කර 10 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබේ.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 612 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පුරෝගාමී බළකායේ අණදෙන නිළධාරී තුමන් විසින් මෙම කාර්යය සමිපව අධීක්ෂණය කරන ලදී.