Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd February 2023 08:52:12 Hours

සම්බෝධි වැඩිහිටි නිවාසය ප්‍රතිසංස්කරණය කිරිම සදහා භටපිරිස් සහය

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 613 පාබල බලසේනාව වෙත අයත් 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් දික්වැල්ල, වේහල්ල, සම්බෝධි වැඩිහිටි නිවාසයේ පිහිටි එහි ගොඩනැගිලි හතර තීන්ත ආලේප කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 23 වන දින සිට 28 වන දින සිදු කරන ලදි.

සම්බෝධි වැඩිහිටි නිවාසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරත්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 61 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්වීම මත 613 වන බලසේනාවේ බලසේනාධිපති තුමාගේ සහ 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අනදෙණ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.