Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th January 2023 16:43:10 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) සෙබළුන් ලේ දන්දිමේ වැඩසටහනක් සදහා දායකත්වය ලබාදිය

කඩවත යෝර්ක් ජාත්‍යන්තර පාසල විසින් සංවිධානය සහ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, නාරාහේන්පිට රුධිර බැංකුව එක්ව 2023 ජනවාරි මස 22 දින පාසල් පරිශ්‍රයේදී ලේ දන්දිමේ වැඩසටහනක් සිදුකර ඇත.

එම පාසලේ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 141 පාබල බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 28 දෙනෙකුගෙන් සමන්විත යුධ හමුදා භට කණ්ඩායමක් සිය රුධිරය පරිත්‍යාග කිරිම සදහා සහභාගි විය.

තවද, මෙම අවස්ථාවට සහභාගී වූ සංවිධායකයින් සහ මහජනතාව මෙවැනි උදාර ක්‍රියාකාරකම් සඳහා යුද හමුදාව දක්වන දායකත්වය බෙහෙවින් අගය කර ප්‍රශංසාව එකතු කරන ලදි.