Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st February 2023 17:06:33 Hours

අඩු ආදයම්ලාභි පවුලක් සදහා යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධිකරණයෙන් පරිත්‍යාගශිලින්ගේ දායකත්වය

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 87 කණ්ඩායමේ ප්‍රවීණයෙකු වන ප්‍රභාත් ලියනගේ මහතා දැනට ඉතාලියේ පදිංචිව සිටින රමේෂ් සභා මහතා විසින් ලබා දුන් අනුග්‍රහය මත හබරාදූව වල්ගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලකට රු. 100,000.00 ක වටිනිකමින් යුත් රෝද පුටුවක්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වියළි සලාක බෙදාදිමක් 2023 ජනවාරි මස 23 වන දින 61 පාබල සේනාංයේ පුර්ණ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදි.

මෙම අඩු ආදායම්ලාභී පවුල සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන්ගේ එක් දියණියක් ආබාධ තත්වයෙ සිටින අතර, ඔවුන්ගේ පියා ලේ පිළිකාවකින් පෙලෙන බවත්, ඒ හේතුවෙන් ඔහු වෙත රෝද පුටුවක් මෙන්ම 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ කාරුණික ඉල්ලිම මත රමේෂ් සභා මහතා විසින් රු. 30000.00 එම පුද්ගලයාගේ පුද්ගලික ගිණුමට බැර කරන ලදි.

මෙම උදාර කාර්යය ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 61 පාබල සේනාංක මූලස්ථානය විසින් මෙම වැඩසටහන සඳහා පරිත්‍යාගශීලීන්, අනුග්‍රාහකයින් සහ ප්‍රතිලාභීන් සම්බන්ධීකරණය කරන ලදී.

මෙම පරිත්‍යාගය සිදු කිරිම සදහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහ 61 පාබල සේනාංකයේ සිවිල් කටයුතු නිලධාරි ලුතිනන් කර්නල් ජේ ඊ එල් ද සොයිසා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය.