01st June 2018 23:51:57 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.06.01 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.
31st May 2018 17:59:34 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හා යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකකයන්හි නිලධාරින් උදෙසා ඵලදායි සංනිවේදනය පිලිබද හරවත් දේශණයක් යුද්ධ හමුදා විශ්‍රාමික ලුතිතන් කර්නල් වසන්ත පමුණුව යන ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් 2018.05.30 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ආසේමු මධ්යමහිදී පවත්වන ලදි.
31st May 2018 17:23:10 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් බ්‍රිගේඩියර් ආර් එමි පි ජේ රත්නායක ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරි 2018.05.31 වන දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදී
29th May 2018 21:27:10 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 7 වන ශ්‍රි ලංකා සංඥා බළකාය මගින් සියලු කටයුතු සුදානම් කරමින් මෙවර අධි පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන මෙම මුල බෝධි කන්ද බෝ මලුවේදි බොධි පුජාවක් 2018 මැයි මස 29 වන දින 0900 පැයේ සිට සිදු කරන ලදි.
28th May 2018 11:14:00 Hours
112 බසේමු යටතේ පාලනය වන 19 වන ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් 2018.05.27 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා 00x10 භඨපිරිසකගේ සහභාගිත්වයෙන් අඔගමුව ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් ලක්ෂපාන රෝහල් භූමිය සුද්ධ පවිත්‍ර කිරිම හා අපද්‍රව්‍ය බහලන වලක් කැපිම සිදු කරන ලදි.
26th May 2018 12:42:10 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ මේ දිනවල ඇදහැලෙන අධික වාර්ෂාව හේතුවෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලව ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදහන් වි ඇති අතර, 11 සේනාංක මූලස්ථානය හා 2 (සෙව්) ශ්‍රිලංසිරෙ රාජකාරි නියුතු 02 x 16 ක භඨපිරිස් ප්‍රමාණයක් 2018.05.25 වන දින සොදිසි මේහෙයුමි සිදු කරන ලදි.
24th May 2018 16:45:35 Hours
11 වන සේනාංකයේ අඩුපාඩුවක්ව පවතින නිළධාරි නිවස්නය සහ නිලධාරි නේවාසිකාගාරය සදහා ගොඩනැගිලි ඉදිකිරිම් කටයුතු 2018.05.24 වන දින ආරමිභ කරන ලද අතර, එම ගොඩනැගිලි ඉදිකිරම් මුලාරම්භය ලෙස සේනාංකාධිපතිතුමා විසින් 2018.05.24 වන දින එම ගොඩනැගිලි දෙකෙහි අත්තිවාරමි සදහා පිලිවෙලින් එදින උදෑසන 0855 පැයට 1118 පැයට යෙදුනු සුභ මොහොතින් මුල්ගල තැබිමි සිදු කරන ලදි.
23rd May 2018 18:28:11 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයෙහි මේ දිනවල ඇද හැලෙන අධික වාර්ෂාවෙන් මහනුවර දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර හේතුවෙන් සිවිල් ජනතාව ආරක්ෂක ස්ථානයන් වෙත යොමුකිරිම හා ඔවුන් හට සහන කටයුතු සැලසිම 2018.05.21 වන දින 111 බළසේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි පිහිටා ඇති 1 ශ්‍රිලංරබ ඒකකයට අයත් නිළධාරි/සෙසුනිළයින් පුර්ණ දායකත්වය මත සිදු කරණ ලදි.
21st May 2018 17:47:23 Hours
මධ්‍යම පළාත් සැමරුමි උත්සවය 2018.05.11 වන දින 0900 පැයේ සිට 1100 පැය දක්වා මයිලපිටිය රණවිරු සැමරුමි උද්‍යානයේදී මියගිය/අතුරුදහන් වු ත්‍රිවිද හමුදා සමාජිකයන් 615 දෙනෙතුගේ ළගම ඥාතින් සහ සහෝදරින් 1001 කගේ සහභාගිත්වයෙන් ගරු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර පිබි දිසාණායක මැතිතුමාගේ සහ රණවිරුසේවා අධිකාරයේ ගරැ සභාපතිනිය අනෝමා ෆොන්සේකා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
21st May 2018 17:18:49 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථාන බලප්‍රදේශයෙහි මොණරාගල නගරයේ හදිසි ගිනිගැනීමක් 2018.05.21 වන දින අළුයම 0200 පැයට පමණ ඇතිවු අතර යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගින්න මැඩපැවැත්වීම සිදුකරන ලදි.