Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th June 2018 22:50:04 Hours

11සේමු වෙතින් පවත්වන ලද අස්වැන්න ගුවන් විදුලි වැඩසටහන

මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ලක්සෙන්පාය යුධ හමුදාධිපති නිළ නිවස්න භූමියේ පවත්වා ගෙන යනු ලබන ගොවිපල මධ්‍යම පාලාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් පැවැත්වු “නගරයට උයන් වතු ”ගෙවතු වගා වැඩසටහනින් ජයග්‍රාහනය කරන ලදි.

තවඳ, කදුරට සේවයගුවන් විදුලි ගොවි සේවාව මගින් පැවැත්වු “අස්වැන්න”ගුවන් විදුලි සජිවී වැඩ සටහන 2018.06.29 වන දින 0800 පැයේ සිට 0900 පැය දක්වා එම 11 සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත් වන ලද අතර, එහිදිපසුගිය වසරේ පවත්වන ලද නගරයට උයන් වතු ”ගෙවතු වගා වැඩසටහනින් මධ්‍යම පාලාතේ හොදම හමුදා කඳවුරු උද්‍යානයට හිමි සම්මානයට පාත්‍ර වු ස්ථානයක මෙම වැඩසටහන පැවැත්වීම සැබැදිව කදුරට ගුවන් විදුලි සේවයේ නිලධාරි විසින් පැසසුමකට ලක්කරන ලදි.

මෙහිදි ගුවන් විදුලි සේවාව මගින් සංවාදාත්මක වැඩසටහනක්ද පවත්වන ලදි.