08th March 2018 10:04:45 Hours
ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) පස්වන සංවත්සරයට සමගාමිව මෙම බළප්‍රදේශයේ ඉතා මණරම් පුජනීය ස්ථානයක් වු දෝව රජ මහා විහාරයේ සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මඟපෙන්විම මත 2018 මාර්තු මස 06 වන දින 0830 පැයේ සිට 1230 පැය දක්වා යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදුකරන කරන ලදි.
03rd March 2018 13:32:23 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මූලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.03.01 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.
03rd March 2018 13:08:01 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත මැදින් මස පුරපසළොස්වක පොහොය නිමිති කොට ගෙන දියතලාව බෝධි කන්ද බෝ මලුවේදි බෝධිපුජා පිංකමක් 2018 මාර්තු මස 01 වන දින 1000 පැයට සිදුකරන ලදි.
02nd March 2018 18:01:56 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක මුලස්ථානය ස්ථාපනය කර 2018.02.15 වන දිනට වසර 08 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා අධික්ෂණය යටතේ සංවත්සර උත්සව මාලාවක් 2018.02.14 වන දින සිට 2018.02.20 වන දින දක්වා සාර්ථකව පවත්වන ලදි.
02nd March 2018 07:55:48 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රෙද්ශයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බඹර කන්ද වංගෙඩිගල කන්ද ප්‍රදේශය නරඹා 2018.02.27 දින කඳවුරු බැඳ සිටිමට පැමිණි NSBM පුද්ගලික විශ්වවිද්‍යලයේ සිසුන් පිරිසක් අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් තැවත පැමිණිමට උත්සහ කිරීමේදි මාර්ගය සොයා ගැනීමට නොහැකිව අනතුරු දායක තත්වයකට පත්වන ලදි. ඒ බැව් හල්දුම්මුල්ල පොලීසිය මඟින් මෙම මුලය වෙත දන්වා ඔවුන්ව මුදවා ගැනිමට ඇවැසි හමුදා සහය අපේක්ෂා කරන ලදි.
24th February 2018 22:15:09 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයෙහි රාජකාරි නියුතු 1 ශ්‍රිලංරබ එකකය විසින් ශ්‍රමදාන කටයුත්තක් සදහා 2018.02.16 හා 2018.02.20 යන දිනයන්හීදි යුද්ධ හමුදා භඨපිරිස් සහයෝගය ලබාදෙන ලදි.
24th February 2018 22:03:21 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ දි ඩෙංගු මර්ධන වැඩසටහනක් සදහා 2018 පෙබරවාරි මස 24 වන දින සහභාගි වන ලදි.
24th February 2018 21:57:08 Hours
අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බල ප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.23 වන දින ඇතිවු අතර, එම ගිනිගැනීම යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.
22nd February 2018 21:33:27 Hours
යුද්ධ හමුදා පුහූණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩියු පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මූල බල ප්‍රදේශය තුල රජකාරි නියුතු නිලධාරි සදහා British Council ආයතනය මගින් පවත්වනු ලබන ඉංග්‍රිසි පාඨමාලාව 2018 පෙබරවාරි මස 21 දින මෙම මූලයේදි ආරම්භ කරන ලදී.
22nd February 2018 20:59:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.19 වන දින හටගත් අතර,එම ගිනි ගැනීම් තත්වය මැඩපැත්වීම සදහා යුද්ධ හමුදා භඨ පිරිස් සයෝගය ලබාදෙන ලදි.