Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th April 2018 14:20:29 Hours

19 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බල මුලුව වෙතින් සිදු කරන ලද සමාජ‍ සත්කාරය

මධ්‍යම පලාත් ප්‍රධාන පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන පරිසරය පුජනියයි වැඩසටහන යටතේ මෙම වසරෙ ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කොටගෙන 2018.04.23 වන දින ආසේමු මධ්‍යම ආඥාපති මේජර් පෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම හා උපදෙස් පරිදි 112 බළසේනාධිපති බ්‍රිගේඩියර් එමිඩිබිඒඒ විජේසුරිය ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ ශ්‍රි පාද උඩමලුවේ සිට නල්ලතන්නිය දක්වා ‘පරිසරය පුජනියයි’ යන තේමාව යටතේ ප්‍රජා සත්කාර වැඩ සටහනක් 2018.04.23 වන දින සිදු කරන ලදි.

මෙම වැඩසටහන ස‍ඳහා 19 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බල මුලුවෙි ඒකක අණදෙන නිළධාරි තුමා ඇතුලු 03 X 50 දෙනෙකු සහ පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බළකාය හා මධ්‍යම පළත් සභාවේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ප්ලාස්ටික් /පොලිතින් වැනි අපද්‍රව්‍ය සියල්ල ඉවත් කරන ලදි.