Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd May 2018 13:19:02 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් තවත් ජාතික මෙහෙවරක්

මෙම මුලය යටතේ පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි කොටගල දෙමළ මහ විද්‍යාලයෙහි විදුහල්පතිගේ ඉල්ලීම මත එම විද්‍යාලයෙහි දැරියන් වෙනුවෙන් සනීපාරක්ෂක වැසිකිළි පදිධතියක් යුද්ධ හමුදා වෘත්තිය සෙනින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකර මෙම මුල බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරි බ්‍රිගේඩියර් ර්ආර්පි විරවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් සිසු අයිතියට පත් කරන ලදි.

මෙම වැසිකිළි පද්ධතිය සිසු අයිතියට පති කිරිමේ උත්සවය සඳහා මෙම මුල ආඥාපති නියෝජනය කරමින් එම අවස්ථාවට පැමිණි සිටි මෙම මුල බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරි ඉතා උණුසුම් අයුරින් එම විද්‍යල ගුරුභවතුන් මෙන්ම සිසු දරුදැරියන් විසින් පිළිගන්නා ලදි.

තවද මෙම සේවාව සඳහා වැය දරණ ප්‍රථිපාදන මුදල රු.1228000.00 කු වන අතර, ඉදිකරන ලද වැසිකිළි ප්‍රමාණය 07 කි. තවද මෙම කටයුත්ත සාර්ථක කරලීම උදෙසා පෙඳරේරු වෘත්තියෙ සෙනින් 05ක්ද, වඩු කාර්මික සෙනින් 02ක්ද, හා ජලනල කාර්මික සෙනියෙකුගේ සහා 19 ශ්‍රිලංජාආබමු එකකයට අයත් සෙබලු 03 කගේ ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.