Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd April 2018 09:53:01 Hours

11 වන සේනාංකයේ නව ආඥාපති වැඩ භාර ගැනීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගෙඩියර් ටිජේ නානායක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි 2018.04.10 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

එදිනම උදැසන 1 ශ්‍රීලංරබ ඒකක මුලස්ථානයේදී කදවුරු සම්මාන මුරය සහ එම ඒකකයේ සරඔ භුමියේදී 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකය වෙතින් සම්මාන පෙළපාලියක් පැවැත්වු අතර, පසුව 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකය වෙතින් එදිනම සේනංක මුලස්ථානයේදී සම්මාන මුරයක් පවත් වන ලදි.

පසුව සුභ මොහොතින් සේනාංකාධිපති කාර්යාලයේදී 11 වන සේනාංකාධිපති නව තනතුර භාරගත් අතර, ප්‍රධාන දේශන ශාලාවේදි සියලු නිළ තේපැන් සංග්‍රහයක් ස‍‍දහා සහභාගිවන ලදි.