Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd April 2018 11:37:48 Hours

පල්ලේකැලේ විරුකැකුළු පෙරපාසලෙහි දරු දැරියන්ගේ ක්‍රීඩා උත්සවය

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනංකය යටතේ ස්ථාපිත පල්ලෙකැලේ විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් 2018.04.02 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.

මෙම උත්සවය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ ඩබ්ලිව් එම් ඒ ඩබ්ලිව් එන් රණවන ආර්ඩබ්ල්විපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ශාඛාවේ ඡ්‍යෙෂ්ඨ සාමාජිකාවන් කිහිපදෙනෙකු සමඟ 11 වන සේනාංකයේ රාජකාරි නියුතු නිලධාරින් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද ඊට සහභාගි විය. මෙහිදි එම පෙරපාසලේ ඉගනුම ලබන දරුදැරියන් විසින් විවිධ වු ක්‍රීඩා ඉසව් ඔස්සේ තම හැකියාවන් විදාහා දක්වන ලදි.