Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th June 2018 18:15:58 Hours

යුද්ධ හමුදා සමාජිකයින් විසින් යාල කටුපිල ප්‍රදේශයේ පාලමක් ඉදිකරයි

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පිහිටා ඇති කතරගම පුජා භුමියට සෑම වසරකම දහස් ගණන් හින්දු බැතිමතුන් පාගමනින් කතරගම දක්වා පැමිණෙති. එහිදි මෙම වාර්ෂික පාද යාත්‍රාව සෑම වසරකම ජුලි මස ඇසළ උත්සවය මුලික කරගෙන ආරම්භ වන අතර, මෙසේ පැමිණෙන බැතිමතුන් යාල ජාතික වනරක්ෂිතය හරහා කතරගම දක්වා ලගා වේ. සාම්ප්‍රදායික ලෙස මෙම පාද යාත්‍රාව යාපනය අර්ධද්විපයේ නල්ලුර් හා සෙල්වා සන්නිදි මුරුගන් යන කෝවිල් අසලින් අරම්භ වන අතර, කතරගමට ලගාවිමට ආසන්න වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවේ. එහිදි විවිධ දුෂ්කරතා වලට මුහුන දිමට ද මෙම බැතිමතුන්ට සිදුවේ. මෙම පාද යාත්‍රාව කාලසිමාව තුල අදාල බළප්‍රදේශයේ බැතිමතුන් සදහා අවශ්‍ය වන සහාය ලබා දෙමින් ඔවුන්ගේ අරක්ෂාව තහවුරු කිරිම හා අනාරක්ෂිත ස්ථානයන් ගෙන් ගමන් ගැනීමේ පහසුව සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්විම යටතේ 122 බළසේනා මුලස්ථානය වෙතින් 2018.06.25 සිට 27 වන දින දක්වා මෙම පාලම ඉදිකරන ලදි.

මෙම පාලම ඉදිකිරිම් කටයුතු 122 බළසේනා මුලස්ථානයේ අධික්ෂණය යටතේ එම බසේමු හි රාජකාරි නියුතු සෙබළුන්ගේද සහාය ඇතිව 6 වන ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මෙම පාලම ඉදිකරන ලද අතර, මෙමගින් වන්දනාකරුවන් මෙන්ම ගිලන් රථ, වතුර බවුසර් හා පාද යාත්‍රාව හා සම්බන්ධ අනෙකුත් අවශ්‍යතාවයන් වලට යුධ හමුදා සහයෝගය ලබාදීම මෙහි අරමුණයි