Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th June 2018 15:43:06 Hours

19 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙතින් තවත් ප්‍රජා සත්කාරයක්

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංකය යටතේ රාජකාරි නියුතු 19 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙතින් අඹගමුව ප්‍රාදේශිය රෝහලේදි 2018.06.24 වන දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්නවන ලදි.

එම බලඇණියේ අණදෙන නිලධාරි තුමාගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්වු අතර, එකකයේ රාජකාරි නියුතු 10 දෙනෙකුගෙන් යුත් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මේ සඳහා තම ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි. එම වැඩසටහන සඳහා සහභාගිවු සියළුම දෙනාටත් සමස්ත යුද්ධ හමුදාව වෙත එම රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් ප්‍රසංශා කරන ලදි.