Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th June 2018 12:42:35 Hours

පොසොන් පොහෝ දිනය නිමිති කොටගෙන ආසේමු (මධ්‍යම) විරු කැකුළු දුදරුවන්ගේ කඩල දන්සල

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන් විසින් 2018.06.27 වන දිනට යෙදෙන පොසොන් පෝය නිමිතිකොට ගෙන කඩල දන්සලක් 2018.06.26 වන දින එම පෙර පාසලේ ඉදිරිපිට සිදු කරන ලදි

මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම දන්සල විවෘත කිරිමෙන් අනතුරුව පිළියෙල කරන ලද කඩල විරු කැකුළු දුවා දරුවන් විසින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සෙසුනිලයින්ට හා ප්‍රදේශවාසින් හට බෙදා දෙන ලදි