Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th June 2018 19:14:19 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් ආසේමු (මධ්‍යම) වෙතින් පැවැත්වු බෝධිපුජා පිංකම

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි, ස්වේචඡා පුහුණු පාසල (දියතලාව) මගින් සංවිධානය කර පවත්වන ලද බොධි පුජා පිංකම මෙම මුල බ්‍රිගේඩියර් පාලන භකාස වශයෙන් රජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් ඉ ආර් පි විරවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහාභගිත්වයෙන් මෙම මුල බෝධි කන්ද බෝමලුවෙදි 2018 ජුනි මස 27 වන දින 0900 පැයට පවත් වන ලදි

මෙම පිංකම් මාලාව සඳහා මෙම මුලය හා යටතේ පාලනය වන පුහුණු පාසල් හා ඒකකයන් හි රජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිළයින් 40x220 කගේ පමණ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස සිදු කල අතර, තත් බෝධි පුජා පිංකම සදහා වැඩමවා වදාල කහගොල්ල ආරණ්ය වාසි ස්වාමින් වහන්සේ නමක් විසින් මෙම පොහෝ දිනය වැදගත්කම සැබැදිව ඉතා හරවත් ධර්ම දේශණාවක් පවත්වන ලදි.

තවද, මෙම පිංකම් මාලාවේදි යුද්ධ හමුදාධිපති තුමන් හා ආඥාපති ඇතුලුව යුද්ධ හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාහට මෙන්ම සිවිල් සේවක මහතුන් ඇතුලු සකල ලෝකවාසි සියලු දෙනාහට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රාර්ථනා කරමින් මෙම සඳහම් මොහොත නිමාවට පත් කරන ලදි